නිවසක් තැනීමේදී මේ ගැනත් හිතන්න

Published on by swliyanage

ඔබගේ නිවස තුල ඔබට සතුට සාමය සමගිය හා මානසික තෘප්තිය නැත්ද?එසේනම් එය නිවස ඉදිකිරීමේ දී වූ අතපසු වීමක් හෝ නිවසේ වර්ගථලයේ වෙනස් වීමක් විය හැකිය. එසේ වූ විට ‍නිතර නිතර ලෙඩ ,අඩදබර,මුදල් අගහිගකම්,මානසික පීඩනය...... ආදී ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. මෙය වලක්වා ගැනීමට නිවස වාස්තු විද්‍යත්මක පරීක්ෂාවකට ලක්කරවා ගන්න.

නිවසක් තැනීමේදී මේ ගැනත් හිතන්න

යමකු නිවසක් තනන්නේ තම ජීවිත කාලය තුළත් ඉන් අනතුරුව ඉදිරි පරම්පරාවක් හෝ පරම්පරා දෙකතුනක් එහි නිරුපද්‍රිතව ජීවත් වීමේ අපේක්ෂාවෙනි. එහි අර්ථ, ධර්ම, කාම, හා මෝක්ෂ යන චතුර් වාර්ගික සම්පත් ලබාගත හැකි සාධකයන් තිබිය යුතු බව ද අනිවාර්ය වේ.මේ සදහා පදනම ලෙස සලකනු ලබන්නේ අදාල නිවසේ වර්ග ඵලයයි. දීඇති නියමිත දිග පළල වෙනස් වීමෙන් මෙම වර්ග ඵලය වෙනස් වී නිවසේ ශුභ අශුභ තත්වය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක.(කපරාරුව අගල් දශමයකින් හෝ අඩු හෝ වැඩි වුව හොත් නිවසේ වර්ගඵලය වෙනස් වේ

වාසයට සුදුසු ගම

සමහරුන්ට උපන් ගම අපලය. වෙන ගමකට ගිය කල දියුණු වේ.සැප-සම්පත් ලැබේ.සමහරු උපන් බිමේඇති ඉඩකඩම් අතහැර දමා පිට ප්‍රදේශ වල ඉඩකඩම් ගෙන උසස් තත්වයක් ලබා ප්‍රසිද්ධියට පත්වේ.අද ලෝකය දෙස බැලීමෙන් එය මනාව වැටහේ.ඔබේ ගමේ වාසය කරන පිට ගම්වලින් පැමිණ දියුණුවූ අය ගැනත්, ඔබේ ගමින් පිට ගොස් ජීවත්වන අය ගැනත් හිතන විට මෙය මනාව ඔප්පු වේ.
ඔබේ ගමේ ගෙයක් සෑදීම ඔබට සුදුසුද? නැත්නම් සුදුසු ගමක් සොයා ගන්නේ කෙසේදැයි දැන ගන්නා ක්‍රම ජ්‍යෙතිෂයේ සදහන්ව ඇත.
1. මේ සදහා අවශ්‍ය වන්නේ ගෙය සාදන අයගේ නමට එන අකුරු,ගමේ නමට එන අකුරු සංඛ්‍යාවත් ගෙය සෑදීමට බලාපොරොත්තු වන ගමේ දිශාවත් වේ. ඔබ ගෙයක් සෑදීමට බලා පොරොත්තු වන අයකුනම් ඔබගේ ජ්‍යොතිෂ වේදියා හමුවී ප්‍රථමයෙන්ම ඔබ ගෙය සෑදීමට සිතා සිටින ගම ඔබට යා දෙන්නේදැයි දැනගන්න.

නිවසක් සෑදීමේදී අනුගමනය කළයුතු වැඩපිළිවෙල

වාස්තු විද්‍යානුකූලව අංග සම්පූර්ණ දෝෂ රහිත නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍යනම් මනා සංවිදානාත්මකව පියවරින් පියවර ක්‍රමවත්ව නිවස ගොඩ නැංවීමේ කටයුතු ඉටුකළයුතුය. එවිට එම නිවසින් නිවැසියන්ට සාමය,සතුට,සැප,සම්පත, හිමිවන්නේය. එබැවින් පළමුවරට නිවසක් සාදන්නන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යයන්ගේ අනුපිළිවෙළ කෙටියෙන් මෙසේය.
1. නිවසක් ඉදිකිරීම සදහා ඉඩදක් මිළයට ගන්නේ නම් ඉඩමේ හැඩය ගැනද සැළකිළිමත් විය යුතුය.සුභඵලදායක හැඩයකින් යුත් ඉඩමක් ම්ළට ගැනීම යෝග්‍යය. ඉඩම් කට්ටිකර විකුණන අවස්ථාවලදී එයින් කොටසක් මිළයට ගන්නේනම් එලෙස යහපත් හැඩයකින් යුත් ඉඩම් කැබැල්ලක් මිළට ගත යුතුය.
2. ඉඩමේ පස පරීක්ෂාවක් කළ හැකිනම් එයද ඉතා වැදගත්ය. බොහෝවිට මෙය අසීරුවිය හැකිය.එයට හේතු වන්නේ ඉඩමක් මිළට ගැනීමට ප්‍රථම පස පරීක්ෂා කිරීම අසීරුවන බැවිනි. කෙසේ හෝ එයද ඉටුකළ හැකිවම් එය නිවසේ යහපත උදෙසා වන බව වාස්තු විද්‍යානු කූල නියමයකි.
3. නිවසක් සෑදීම සදහා එම ස්ථානය ආශ්‍රිත පරිසරයගැන සැළකිළිමත් විය යුතුය.වාස්තු විද්‍යාවේ සදහන් වේද දෝශ රහිතව පහසුවෙන් නිවස ඉදි කිරීමට හැකියාව ඇද්දැයි භූමිය අනුව තීරණය කළ යුතුය.
4.නිවස එම ස්ථානයේ අඩු වියදමින් සෑදිය හැකිද යන්නද විමසිය යුතුය. හෙල් ,ගල්. සහිත මඩ සහිත ස්ථාන නිවාස සෑදීමට අසීරු මෙන්ම විවිධ දොෂවලට ලක්වේ.එමෙන්ම එවැනි ස්ථානවල නිවාස සෑදීම අධිකව වියදම් වේ.
5.නිවාස හිමියාගේ හදහන පරීක්ෂාවට භාජනය කර තමන්ට නිවසක් සෑදීමට ඉදිරි කාලය ගැලපේද? බාධා රහිතව නිවස ගොඩ නැංවීය හැකිද? යන්න තීරණය කළ යුතුය.ඉන්පසු තමාට ගැලපෙන නැකතක් සාදා ගෙපලේ වැඩ ඇරඹිය යුතුය.
6. නිවස ගොඩ නංවන ස්ථානයට යම් කිසි යක්ෂ,ප්‍රේත,භූතාදීන්ගෙන් බලපෑම්,තමාට සතුරුකම් කරන අයගේ බලපෑම් ඇතිවය හැකි බැවින් ඒ සදහා ද ආරක්ෂක ක්‍රම සලසා ගැනීම ද යෝග්‍ය වේ.
7. බහිරව පූජාවක් කළ යුතු වේ. ඇතැම් අය ගෙපළ කැපීමේදී බහිරව පූජා පවත්වන අතර තවත් සමහර අයනිවසට මුල්ගල තැබීමට ආසන්නයේ කරති. ගෙපළ කැපීමට ප්‍රථම බහිරව පූජා දීම සුදුසුයැයි හැගේ.
8. ගෙපළ වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරවා ගැනීම.
9. නිවස සාදන ස්ථානයට ගැලපෙන පරිදි නිවාස සළැස්මක් සකස්කර ගැනීම.
10. නිවාස සැළැස්මද වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරවා ගැනීම
11. නිවසේ මුළු සැළැස්මෙන් කොටසක් සාදා පදිංචියට,අදහස් කරන්නෝද සිටිති. එවැනි අවස්ථාවලදී ප්‍රථමයෙන් සාදන කොටස ද තමාට ගැලපෙන දිග පළලින් යුක්ත විය යුතුය.
12. නිවස සෑදීමට අවශ්‍ය ගෙඩනැගිලි ද්‍රව්‍ය රැස්කරගත යුතුය. අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එකවරම රැස්කරගත හැකිනම් ඉතා හොදය.
13. ද්‍රව්‍ය මිළදී ගැනීමට ද සුභ මූහුර්තියක් සාදා ගැනීම
14. දොර ජනේල,උළුවහුද කලින් සාදවා ගැනීම කළ යුතුය.
15. අත්තිවාරම සදහා ලණු ඇදීම,අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම යන කරුණු සදහා සුභ මුහුර්තියක් සාදවා ගැනීම.
16. ගොඩනැගිල්ලේ බිත්ති බැදගෙන යන අතර බිත්තිවල කුරුස ලකුණු,මෙන්ම ගිනි කතිරය,මරු සුලම ආදී දෝෂ පිහිටීම විමසා බැලිය යුතුය.
17. සැලැස්ම අනුවම බිත්ති,දොර,උළුවහු ආදිය පිහිටන්නේදැයි බිත්ති බැදීමට ප්‍රථම පරීක්ෂා කළ යුතුය. මෙය අත්තිවාරම දැමීම අවසන් වීමෙන් පසු ද බැලිය හැක.
18. උළුවහු තැබීම සදහා සුභ නැකතක් සාදවා ගත යුතුය.
19. බිත්ති අවසන්වීමට ආසන්නයේ දැව තැබීමට සුභ නැකතක් සාදවා ගත යුතු වේ.
20. වහළ ගැසීමේ දී දොෂ සිදුවේදැයි පරීක්ෂා කාරී වීම සුදුසුය.
21. වහළ ගැසීමෙන් පසු දොර ජනෙල් සවිකිරීම, බිම සකස් කිරීම කළ යුතු වේ.
22. නිවසට ගෙවදීමේ සුභ නැකතක් සාදවා ගත යුතුය.
23. ගෙවදීම සදහා වූ සියළු චාරිත්‍ර විධි පවත්වා නිවසේ පදිංචි විය යුතුය.
24. පදිංචියෙන් පසු ද ශාන්ති කර්ම කළ යුතුය.(පිරිත්)

නව නිවසක වැඩ ආරම්භ කිරීම

මේ යටතේ අත්තිවාරම් කැපිම සදහා ලණු ඇදීමේ සිට එම නිවසේ පදිංචි වීම තෙක් වන සියලුම කාර්යයන්සැළකිල්ලට භාජනය කරනු ඇත. ඒ අනුව
1. නිවාස සැලැස්ම දිශාගත කරගැනීමසදහා ලණු ඇදීම.
2. අත්ති වාරම් කැපීම.
3. මුල් ගල තැබීම
4.බිත්ති පිරීම
5. උළුවහු, ජනෙල් සවිකිරීම හා උළුවහු පැනීම.
6. වහළ ගැසීම
7. නව නිවසේ පදිංචියට යාම
8. බීමට ජලය ලබාගැනීම සදහා ළිං කැපීම ඇතුළු ප්‍රධාන කාර්යයන් රාශියක් මීට අයත් වන අතර මේ සියලුම වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ කළ යුතු යැයි වාස්තු විද්‍යාවේ සදහන් වේ.

නිවාස දෝෂ

වාස්තු විද්‍යාවේදී දක්නට ලැබෙන දෝෂ රාශියක් දක්නට ලැබේ. එනම්
1. නිවසක අවශ්‍ය ප්‍රමාණයට වඩා කවුලු ඇති ජනෙල් නැති වීම නිවසට සිදුවන දෝශයකි.‍ මෙම දෝශය නිසා නිවැසියන්ට රෝග වැළදීම සිදු වේ. එය අන්ධක දෝශයයි.
2. ජනෙල් නොමැති ගෙයක් ඇත්නම් එම ගෘහය කාණ දෝශ සහිත ගෙයකි.එම නිවැසියන් අන්ධ භාවයට පත්වීම තරම් දෝශ ඇතිවේ.
3. ගෙයකට තිබිය යුතු අංශවලින් තොර නිවසක දක්නට ලැබෙන වේධ කුබ්ජ වේධයයි. මේ නිසා එම ගෘහයේ වෙසෙන අයට කුෂ්ඨ රෝගවැනි චර්ම රෝග සෑදේ.
4. පෘථිවි ද්වාරයකින් යුක්තව ඇති නිවසක දක්නට ලැබෙන වේධ දෝශය වන්නේ බධීරකයයයි. මේ නිසා මෙම ගෘහයේ වාසය කරන්නන් සියලුම දුක්වලට මෙන්ම මරණයට පත්වන දෝෂ ඇති වේ.
5. ජනේල බොහොමයක් ඇති නිවස දිග්වක්ක නම් දෝශයට අයත්ය.මෙම නිසා එම ගෘහයේපදිංචි වන්නන් අතීසාරය වැනි රෝග වලට ගොදුරු වේ.
6. ඉතා මිටි වූ නිවාස වීපිට වේධයට අයත්ය.මෙම‍ දෝශය සහිත නිවාසවල වසන්නන් නින්දිත ලෙස ජීවිකාව ගෙන යති.
7. අවලස්සන ස්වරූපයක් ගෙනදෙන නිවස ව්‍යාඩගජ නම් දෝශයට යටත්ය. මෙම නිවාස වල පදිංචි වන්නන් හීනවන තත්වයකට පත්වේ.
8. යම් නිවසක දෙපැත්ත උස් වී ඇත්නම් මුරජ නම් දෝශයට යටත් වේ. මේ නිසා එම නිවසේ වසන්නන් දිළිදු බවට පත්වේ.
9. දිග නොවූ නිවස කුටිල වේධය යැයි පැවසේ. එම නිවාසවල පදිංචි වන්නන් විනාශ වේ.
10.ශංකපාල වේදය සහිත නිවසක් සිටින්නන් අවලස්සන වේ.
11. දිශාවන්ට ගැලපෙන පරිදි නොමැති, දිශා වෙනස් වූ නිවස විකට වේදයට අයත් වේ.එම නිවස දරුවන් නැසීම සිදුවන ඵල විපාක වේ.
12. නිවසක පැත්තක් අඩුවන ලෙස සාදා ඇත්නම් එම නිවස කංක වේධයට අයත් නිවසකි. එහි සිටින්නන් ශූන්‍ය බව ඇතිවේ.
13. නිවසක් නගුලක් මෙන් උස්වඇත්නම් එම නිවස කෛංකර වේධයට අයත් නිවසකි. මෙම නි‍වසේ වසන්නන්ට දිළිදු බවද,ස්ත්‍රී හානියද සිදු වේ.

ඉඩම පාද බෙදා වෙන් කිරීම

නිවසක් ඉදිකිරීම සදහා යෝග්‍ය භූමියක් නිශ්චය කරගත් පසු එම භූමි භාගයේ කුමන කොටස තුළ නිවස ඉදිකරනවා ද යන්න තීරණය කරගැනීම සදහා අදාල ඉඩම බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය, හා ප්‍රේත යන පාද හතරට බෙදා ගැනීම කළ යුතුය.පාද බෙදීමේ කාර්යයයේ දී වාස්තු විද්‍යාඥයාට විවිධ සාධක මුල් කර ගෙන සූක්ෂම නිරීක්ෂණයක් කිරීමට සිදු වේ.
පර්චස් 10කුඩා ඉඩම් කැබැල්ලක ඉඩ මදි කම නිසා පාද බෙදීමත් කිරීම අමාරු කටයුත්තකි. එසේ වුවත් මෙම ඉඩම් වල හරි මැද ගිණි කතිරය මග හැරීමත් හැකිතාක් දුරට දේවපාදයට අසුවන පරිදි නිවසේ අත්ති වාරම දැමීමත් සිදුකළ යුතුය.

නිවාස වර්ග කිරීම හා පොරොන්දම් පරීක්ෂා කිරීම

යමකු නිවසක් තනන්නේ තම ජීවිත කාලය තුළත් ඉන් අනතුරුව ඉදිරි පරම්පරාවක් හෝ පරම්පරා දෙකතුනක් එහි නිරුපද්‍රිතව ජීවත් වීමේ අපේක්ෂවෙනි. එහි අර්ථ, ධර්ම, කාම, හා මෝක්ෂ යන චතුර් වාර්ගික සම්පත් ලබාගත හැකි සාධකයන් තිබිය යුතු බව ද අනිවාර්ය වේ.මේ සදහා පදනම ලෙස සලකනු ලබන්නේ අදාල නිවසේ වර්ග ඵලයයි. දීඇති නියමිත දිග පළල වෙනස් වීමෙන් මෙම වර්ග ඵලය වෙනස් වී නිවසේ ශුභ අශුභ තත්වය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක.(කපරාරුව අගල් දශමයකින් හෝ අඩු හෝ වැඩි වුව හොත් නිවසේ වර්ගඵලය වෙනස් වේ). මේ අනුව
1. ආය වර්ගීකරණය අනුව නිවාස වර්ග කිරීම ආය වර්ග අටකි. ඉන් සුබ ආය වර්ග වලට වැටෙන සේ නිවසේ වර්ගඵලය සැකසිය යුතුය.

නිවසක සුබ අසුබ සොයන් ක්‍රමය එකාදශ පොරොන්දම

1. අය පොරොන්දම
2. වැය පොරොන්දම
3.යෝනි පොරොන්දම
4. නැකත් පොරොන්දම
5. දින පොරොන්දම
6. අංශක පොරොන්දම
7. රාශි පොරොන්දම
8. තිථි පොරොන්දම
9. වංශ පොරොන්දම
10. දේවතා පොරොන්දම
11. ආයුෂ පොරොන්දම
නිවසේ වර්ගඵලය අනුව ඉහත පොරොන්දම් වලින් වැඩි ප්‍රමානයක් ගැලපෙන නිවස වාසයට සුදුසු නිවස වේ.

අපගේ සේවාව ඔබට අවශ්‍ය නම් swliyanage@gmail.com වෙත මේල් එකක් එවන්න.(ඔබගේ දුරකතන අංකය සමග

To be informed of the latest articles, subscribe:
Comment on this post
S
නිවසක් තැනීමේදී මේ ගැනත් හිතන්න
Reply